කථානායකට එරෙහි විශ්වාසභංගයට අමතර දවසක්

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සඳහා තවත් දිනයක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන 21 වන බ්‍රහස්පතින්දා දිනයේ ද එම විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වෙනු ඇති.

මීට කළින් එම විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සඳහා අද සහ හෙට (19 සහ 20) යන දින පමණක් තීරණය වී තිබූ අතර, එම විවාදය අද ආරම්භ වුණා.

එසේ ම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාව වැඩිදුරටත් තීරණය කර ඇත්තේ, ගොවීන්ගේ වී මිලදී ගැනිම සම්බන්ධ ගැටලු පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය 22 වැනි සිකුරාදා දහවල් 12.30 සිට පස්වරු 6.00 දක්වා පැවැත්වීමටයි.

කෙසේ නමුත් අදාළ විවාදය සඳහා අතිරේක දිනයක් ලැබුණු හෙයින් එම විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම එළඹෙන 21 වන බ්‍රහස්පතින්දා පස්වරු 4.30ට පැවැත්වෙනු ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!