දේශබන්දුගේ වාහනයේ පිපිරීමක්

පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ගමන් කරමින් සිටි ජීප් රථයේ යම් පිපිරීමක් සිදුව තිබෙන බව වාර්තා වනවා.

පොලිස්පතිවරයා සිය නිල ජීප් රථයෙන් පෙරේදා (18) සවස පොලිස් මූලස්ථානයට ගමන් කරමින් සිටිය දී, කොටුව චෛත්‍ය පාරේ වරාය පිවිසුම අසළ දී රථයෙන් ශබ්දයක් පිටව තිබෙනවා.

පොලිස්පතිවරයාගේ රියදුරු පොලිස්පතිවරයා ද සමගින් පොලිස් මූලස්ථානයට පැමිණ රථය පරීක්ෂාවට ලක්කිරිමේ දී පෙනී ගොස් ඇත්තේ, ජීප් රථයේ ඉදිරි වාමුවාවේ ( වින්ඩ්ස්ක්‍රීන්) අඟල් හතක පමණ කොටසක පිපිරීමක් සිදුව තිබෙන බවයි.

අනතුරුව එම සිදුවීම සම්බන්ධයෙන් නිල වශයෙන් කොටුව පොලිසිට ද දැනුම් දීමක් කර ඇති බවත් වාර්තා වනවා.

මෙයින් පොලිස්පතිවරයාගේ නිල ජීප් රථයට බරපතළ හානියක් සිදුව නැති බව ද පොලිස් ආරංචිමාර්ග සදහන් කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!