තරග පාවාදීමේ චෝදනා – උපුල් තරංග අයි.සී.සියට

ක්‍රිකට් තරග පාවාදීමේ සිදුවීමක් මුල් කර ගනිමින්, ඉන්දීය ක්‍රිකට් කළමනාකරුවකු වන යෝනි පටෙල් සහ ඔහුගේ සහයකයා වන පැචලෝඩියා ආකාෂ්ට ශ්‍රී ලංකාවෙන් පිටව යාම තහනම් කර තිබෙනවා.

ඒ ක්‍රීඩා වැරදිවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුවයි.

මේ දිනවල මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන ලෙජන්ඩ් ක්‍රීඩා තරග වාරය අතරවාරයේදී තරග පාවාදීමට බලපෑම් කළේ යන චෝදනා මත පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර මෙම නියෝගය ලබාගෙන තිබෙනවා.

මෙම ඉන්දීය කළමනාකරුවන් තරග පාවාදීමට ආරාධනා කර ඇත්තේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ වත්මන් තේරීම් කමිටු සභාපති වරුසවිතානගේ උපුල් තරංගට හා නවසිලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක නීල් බෘම්ටයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් උපුල් තරංග හා නවසිලන්ත ක්‍රීඩකයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ද පැමිණිලි කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!