හතලිස් පහක් මරු සමග යද්දී ‘දිවි ගැලවුණු’ එකම දැරිය

දකුණු අප්‍රිකාවේ පාස්කු දේවමෙහෙයක් සඳහා ගමන් කරමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.,

අදාළ පිරිස ගැබරොන් සිට ගමන් කර ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

වේගය පාලනය කරගත නොහැකිව පාලමකින් ඉවතට පැන මීටර් 50ක පමණ ප්‍රපාතයකට ඇදවැටී අනතුර සිදුව තිබුණා.

එම අනතුරින් 8 හැවිරිදි දැරියක් පමණක් දිවි බේරාගෙන ඇති අතර ඇය බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!