කතානායකට එරෙහි විශ්වාසභංගය පරාදයි!

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය ගෙනා විශ්වාසභංග යෝජනාව පරාජයට පත් වුණා.

ඒ ඡන්ද 42කින්.

අදාළ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 75ක් ලැබුණු අතර ඊට විපක්ෂව ඡන්ද 117ක් ලැබුණා.

මෙම විශ්වාසභංග යෝජනාව ඉකුත් 19,20 සහ අද දින යන දින තුනේදී ම විවාදයට බඳුන් වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!