බස්නායක නිලමෙලාට එරෙහි නඩු යට ගහන මාෆියාවක්?

චෝදනා ඇති බස්නායක නිලමේවරුන්ට විරුද්ධව ඇති නඩු තීන්දු යට ගහන්නේ කෙසේ ද? ඊට බලපාන කුමන හෝ මාෆියාවක් ක්‍රියාත්මක වන්නේද? මේ පිළිබඳව පෞද්ගලිකව ම සොයා බලා දී ඇති නඩු තීන්දු ක්‍රියාත්මක නොවුණේ ඇයි? යන්න සොයා බැලීමට පියවර ගන්නා බව බෞද්ධ කටයුතු ආගමික සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා පැවසුවා.

ඊයේ (14) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී යි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, “නීති ක්‍රියාත්මක කිරීමේ සම්පූර්ණ බලය බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සතුයි. බොහෝ බස්නායක නිලමේවරුන්ට විවිධ චෝදනා ඒල්ල වී තිබෙනවා. හොරකම්, වංචා, ඉඩම් විකිණීම ඇතුළුව එල්ලවී තිබෙන චෝදනා විභාග කළ යුතුයි. නීතිමය පියවර ගත යුතුයි. අධිකරණය ඉදිරියේදී ගොනුකර ඇති ඇතැම් චෝදනා පිළිබඳව වගකිව යුතු පුද්ගලයන්ට විරුද්ධව නඩු පවරා තීන්දු ලැබී තිබෙනවා.

නඩු තීන්දු ක්‍රියාත්මක කරලා නැහැ. මොකක්ද මේ අබිරහස, මාෆියාව? සොයා බලන්න සූදානම්. විහාර දේවාල සතු දේපොළ අනාගත පරපුරටත් දායද කළ යුතුයි. පිරිසුදුව පවත්වාගෙන යා යුතුයි. පිරිසුදු නොවන පුද්ගලයන් නීතිය ඉදිරියට ගේන්න අවශ්‍යයයි. කිසිම තර්කයක් නැහැ.’’ යනුවෙන්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!