චීනය සමග නව ගිවිසුම් 9කට එළඹෙයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ චීන සංචාරය අතරතුර දී චීනය හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 9ක් අත්සන් තබා තිබෙනවා.

ඒ චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

තව ද අග්‍රාමාත්‍යවරු දෙපළ අතර ද්විපාර්ශවීක සාකච්ඡාවක් ද සිදු වී තිබෙන අතර එහි දී ආර්ථික සහයෝගිතාවයට අමතරව, සමාජයීය, සංස්කෘතික, අධ්‍යාපන සහ කෘෂි ක්ෂේත්‍රයන්හි සමස්ත සහයෝගිතාව ඇති කිරීම පිළිබඳව වැඩි අවධානය යොමු කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!