අපරාධකරුගේ නිවසට වෙඩි පිට වෙඩි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දනුක අමරසිංහ නොහොත් මුතුවා නැමැත්තාට අයත් අතුරුගිරියේ නිවසකට අද (27) අලුයම වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබෙනවා.

වෙඩිපහර 7ක් පමණ එල්ල කර ඇති අතර කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවත් නිවසේ දොර ජනෙල්වලට හානි සිදුව ඇති බවත් වාර්තා වනවා.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දනුක අමරසිංහ මේවන විට සිටින්නේ විදෙස්ගතවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!