බංගලියන් පරදා ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජය ගනී(Update)

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමඟ චැටොග්‍රැම්හිදී පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ලකුණු 192කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රීලංකාව සමත්වුණා.

මේ තරගයේ ජය ගැනීම සඳහා හිමි වූ ලකුණු 511ක දැවැන්ත ඉලක්කය හඹායන බංග්ලාදේශයට සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 318ක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් බංග්ලාදේශ දෙවන ඉනිමේ කඩුලු 4ක් ලබා ගැනීමට ලහිරු කුමාර සමත් වුණා.

………………………………………………

තරගයේ වැඩි වාසි ලංකාවට.. බංග්ලාදේශයට තවත් ලකුණු 243ක් – ලංකාවට කඩුලු තුනක්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමඟ චැටොග්‍රැම්හිදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි.

මේ තරගයේ ජය ගැනීම සඳහා හිමි වූ ලකුණු 511ක දැවැන්ත ඉලක්කය හඹායන බංග්ලාදේශය ඊයේ තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 268ක් රැස් කරමින් අසීරු තත්ත්වයට පත්ව සිටියා.

ඒ අනුව ඔවුන්ට ජයග්‍රහණය වෙනුවෙන් තවත් ලකුණු 243ක් අවශ්‍ය වන අතර, ශ්‍රී ලංකාවට දවා ගැනීමට ඇත්තේ තවත් කඩුලු 3ක් පමණයි.

මෙහ්දි හසන් මිරාස් ලකුණු 44ක් සහ ටයිජුල් ඉස්ලාම් ලකුණු 10ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.

ශ්‍රී ලංකා පළමු ඉනිම – සියලු දෙනා දැවී 531යි. (ඕවර 159) කුසල් මෙන්ඩිස් 93, කමිඳු මෙන්ඩිස් නොදැවී 92, දිමුත් කරුණාරත්න 86, ධනංජය ද සිල්වා 70, දිනේෂ් චන්දිමාල් 59, නිෂාන් මධුෂ්ක 57 (ශකීබ් අල් හසන් 110/3, හසන් මහ්මූඩ් 92/2)

බංග්ලාදේශ පළමු ඉනිම – සියලු දෙනා දැවී 178යි. (ඕවර 68.4) සකීර් හසන් 54 (අසිත ප්‍රනාන්දු 34/4, ළහිරු කුමාර 19/2, විශ්ව ප්‍රනාන්දු 38/2, ප්‍රභත් ජයසූරිය 65/2)

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම

නිෂාන් මධුෂ්ක ඇ.මෙහ්දි ප. හසන් 34

දිමුත් කරුණාරත්න ප. හසන් 4

කුසල් මෙන්ඩිස් ප. කාලීඩ් 2

ඇන්ජෙලෝ මැතිව්ස් ප.ශකීබ් 56

දිනේෂ් චන්දිමාල් ඇ.ෂහදාත් ප. හසන් 9

ධනංජය ද සිල්වා ඇ. ලිටොන් ප. හසන් 1

කමිඳු මෙන්ඩිස් ඇ.ලිටොන් ප. කාලිඩ් 9

ප්‍රභාත් ජයසූරිය නොදැවී 28

විශ්ව ප්‍රනාන්දු නොදැවී 8

අතිරේක 6

එකතුව කඩුලු 7ක් දැවී (ඕවර 40) 157

(ඉනිම අත්හිටුවන ලදි)

කඩුලු බිඳ වැටීම: 1-12, 2-15, 3-60, 4-72, 5-78,

6-89, 7-132

පන්දු යැවීම: කාලිඩ් 11-2-34-2, හසන් 15-2-65-4,

ශකීබ් 10-0-39-1, ටයිජුල් 4-0-13-0.

බංග්ලාදේශ දෙවැනි ඉනිම

මහමුදුල් හසන් ප.ජයසූරිය 24

සකීර් හසන් ප. ඇ.සිල්වා ප.විශ්ව 19

නජ්මුල් ෂැන්ටෝ ප.කුමාර 20

මොමිනුල් හක් ඇ.කුමාර ප.ජයසූරිය 50

ශකීබ් අල් හසන් ඇ.මධුෂ්ක ප.කමිඳු 36

ලිටොන් දාස් ඇ.කුසල් ප.කුමාර 38

ෂහදාත් හොසේන් ක.මු.ක. ප.කමිඳු 15

මෙහ්දි හසන් නොදැවී 44

ටයිජුල් ඉස්ලාම් නොදැවී 10

අතිරේක 12

එකතුව කඩුලු 7ක් දැවී (ඕවර 67) 268

කඩුලු බිඳ වැටීම: 1-37, 2-51, 3-94, 4-132, 5-193,

6-197, 7-243

පන්දු යැවීම: විශ්ව 10-0-39-1, අසිත 12-1-52-0,

ළහිරු 11-2-41-2,ප්‍රභාත් 20-1-79-2,

ධනංජය 7-1-25-0, කමිඳු 7-0-22-2.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!