ෆිල්ම්ෆෙයාර් උළෙලේදී ආලියාට සහ රන්බීර්ට සම්මාන.

69 වන ‘ෆිල්ම්ෆෙයාර්’ (FILMFARE) සම්මාන උළෙල ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේදී පැවැත්වූ අතර එහිදී 2023 වසරේ තිරගත වූ සිනමාපට වෙනුවෙන් සම්මාන ප්‍රදානය කෙරුණි.

මෙම සම්මාන උළෙලේ දී හොඳම නළුවා ලෙස රන්බීර් කපූර් සම්මානයට පාත්‍ර වූ අතර මෙවර හොඳම නිළියට හිමි සම්මානය දිනාගනු ලැබුවේ, ඔහුගේ බිරිඳ වන ආලියා භාත්ය.

‘ඇනිමල්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් වසරේ හොඳම නළුවා ලෙස රන්බීර් කපූර් සම්මානය දිනා ගත්තේය. ආලියා භාත් හොඳම නිළිය සම්මානය දිනාගනු ලැබුවේ ‘රොකී ඕර් රාණි කී ප්‍රේම් කහානි’ (Rocky Aur Rani Kii Prem Kahaani) චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙනි.

මෙම උළෙලේ දී වැඩි ගෞරව දිනා ගනිමින් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ, Vidhu Vinod Chopra අධ්‍යක්ෂණය කළ ’12th Fail’ චිත්‍රපටයයි. හොඳම සහාය නළුවා ලෙස විකී කෞශාල් සහ හොඳම සහාය නිළිය ලෙස ශබානා අස්මී සම්මානයට පාත්‍ර විය.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!