හැටන් නැෂනල් බැංකුවට සින්නවූ නවලෝක රෝහල විකුණා දමන්නට අධිකරණය අවසර දෙයි.

රුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය නොගෙවීම නිසා හැටන් නැෂනල් බැංකුවට සින්නවූ වු නවලෝක රෝහල විකිණීම වළකාලමින් නිකුත් කර තිබු තහනම් නියෝගය කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ජගත් කහඳගමගේ විසින් ඉවත් කර තිබේ.

නවලෝක පෞද්ගලික රෝහල විකිණීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති ආකාරය ගැටළු සහගත බව පෙන්වා දෙමින් නීතීඥ ප්‍රියන්ත අලගියවන්න කළ ඉල්ලීමක් පිළිගනිමින් වානිජ මහාධිකරණ විනිසුරුවරයා අදාළ තහනම් නියෝගය ඉවත් කළේය.

නවලෝක රෝහල විසින් හැටන් නැෂනල් බැංකුවට එරෙහිව ඉදිරිපත් කර තිබු පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව අදාළ පෞද්ගලික රෝහල විකිණීම වළකාලමින් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි.

එම තහනම් නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලමින් හැටන් නැෂනල් බැංකුව ප්‍රතිවිරෝධතා ගොනු කරමින් අදාළ පෞද්ගලික රෝහල ඉදිකිරීමට වැය වු මුදල් ගෙවීම සඳහා හැටන් නැෂනල් බැංකුවෙන් ලබාගත් රුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය මුදල් ගෙවා නැතැයි බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප්‍රියන්ත අලගියවන්න පෙන්වා දුන්නේය.

පෙත්සම්කාර පෞද්ගලික රෝහල් සමාගම තම බැංකුවෙන් ලබාගත් ණය මුදල් සහ ඊට අදාළ පොළිය නොගෙවීම නිසා ණය ගැනීමේදී ඇපයක් වශයෙන් තබා තිබු එම පෞද්ගලික රෝහල සහ ඊට අදාළ පරීශ්‍රය විකුණා ණය මුදල් හා ඊට අදාළ පොළිය අයකර ගැනීමට බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණයක් ගෙන ඇතැයි පෙන්වා දුන් නීතීඥ ප්‍රියන්ත අලගියවන්න තම බැංකුව කටයුතු කර ඇත්තේ බැංකු මඟින් ප්‍රදානය කරන ණය ආපසු අයකර ගැනීමේ විශේෂ විධිවිධාන පනත (පරාටේ නීතීය) අනුව යැයිද පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!