සෞඛ්‍ය සේවක ඉල්ලීම සාධාරණයි, ඒත් දෙන්න සල්ලි නෑ

සෞඛ්‍ය සේවකයන් දීමනාවන් ඉල්ලා සිටීමේ වැරැද්දක් නොමැති බවත්, එසේ වුවද මෙම අවස්ථාවේදී එවැනි දීමනාවක් වෙන් කිරීමට මුදල් නොමැති බවත් මුදල් අමාත්‍යාංශය පැවසූ බවත් සෞඛ්‍ය අමාත්‍යය වෛද්‍ය රමේෂ් පතිරණ අද (13) පැවසීය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අවශ්‍ය ආර්ථික යුක්තිය ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් වැඩ වර්ජන ක්‍රියාවලියක් ආරම්භ කළ අතර එම වර්ධනය පිළිබඳව කරුණු දැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍ය වෛද්‍ය රමේශ් පතිරණ එසේ පැවසීය.

එම වෘත්තීය සමිති වෛද්‍යවරුන්ට දුන් රුපියල් 35000ක මුදල ඉල්ලා නොමැති අතර ඔවුන් විවිධ මට්ටම්වලට විවිධ ගණන්වලින් දීමනාව ඉල්ලා ඇති බව කී අමාත්‍යවරයා ලබන අප්‍රේල් මස සිට රාජ්‍ය සේවකයින්ට රුපියල් 10000ක වැටුප් වැඩිවීමක් සිදුවන බවද පැවසීය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට වෙනත් පුද්ගලයින් ආදේශ කිරීමට නොහැකි බවද වර්ජනයට සහභාගී වී සිටින සෞඛ්‍ය සේවකයින්ට රාජකාරිය සඳහා වාර්තා කරන ලෙස තමා ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කවීෂා විදානගම

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!