සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැරගත් ශ්‍රී ලාංකික ධීවරයන් සහ යාත්‍රව මුදාගනී

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් “ලොරේන්සෝ පුතා 04” බහුදින යාත්‍රාව සහ එහි සිටි ධීවරයන් හය දෙනා සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් මුදාගෙන ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සීෂෙල්ස් තානාපති කාර්යාලය විසින් මේ බව තහවුරු කළ බවයි.

“ලොරේන්සෝ පුතා 04” බහුදින යාත්‍රාව ධීවරයින් 6 දෙනෙකු සමඟින් පසුගිය සෙනසුරාදා මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට ගෙන තිබුණි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!