සුමති ටෙලි සම්මාන උළෙල – 2024

29 වන වරටත් සංවිධානය කළ පුංචි තිරයේ මහා කලා මංගල්‍යය, සුමති ටෙලි සම්මාන උළෙල ඊයේ (20) රාත්‍රීයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

2022 සහ 2023 යන වසර වලට අදාළව මෙහිදී සම්මාන පිරිනැමුණි.

2022 වසරේ නැගී එන නළුවා ලෙස ස්වර්ණවාහිනියෙන් විකාශය වූ පීතෘ ටෙලිනාට්‍යයේ ශානකගේ චරිතය වෙනුවෙන් ගෙවින් අභිෂේක් සම්මානයට පාත්‍ර වූ අතර 2023 වසරේ නැගී එන නළුවාට හිමි සම්මානයට පාත්‍ර වූයේ, ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ කොඩි ගහ යට ටෙලිනාට්‍යයේ කලූගේ චරිතයට පණපෙවූ නලීන් ලුසේනායි.

2022 වසරේ නැගී එන නිළිය ලෙස ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ විදුරු මල් ටෙලිනාට්‍යයේ, විදූෂාගේ චරිතය රගපෑ දුෂේනි මියුරංගි සම්මානයට පාත්‍ර වූ අතර 2023 වසරේ නැගී එන නිළිය ලෙස චමත්කා ලක්මිණී සම්මානයට පාත්‍ර විය.

මෙවර ජනප්‍රියතම ටෙලිනාට්‍ය නළුවා ලෙස සාරංග දිසාසේකර, ජනප්‍රියතම ටෙලිනාට්‍ය නිළිය ලෙස දුෂේනි මියුරංගි, 2022 වසරේ හොදම නළුවා ලෙස මධුර ප්‍රරභාෂ්වර, 2023 වසරේ හොදම නළුවා ලෙස ජගත් මනුවර්ණ, 2022 වසරේ හොදම නිළිය ලෙස නයෝමි තක්ෂිලා, 2023 වසරේ හොදම නිළිය ලෙස සේමිනී ඉද්දමල්ගොඩ සම්මාන හිමි කර ගත්හ.

එහිදී 2022 වසරේ හොදම තිර රචනයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට ජාතික රූපවාහිනියෙන් විකාශය වූ තුම්පනේ ටෙලිනාට්‍ය රචනා කළ සුපුන් රත්නායකට හැකියාව ලැබුණු අතර 2023 වසරේ හොදම තිර රචනයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ, ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ එයා දැන් බැදලා ටෙලිනාට්‍ය රචනා කළ ප්‍රසන්න ජයකොඩියි.

2022 වසරේ හොදම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට හිමි සම්මානය ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ අදුන්ගිර ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළ ඉන්දික ධර්මතිලක දිනාගත් අතර 2023 වසරේ හොදම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට හිමි සම්මානය ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ කොඩි ගහ යට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළ ජගත් මනුවර්ණට හිමිවිය.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!