සිලෝන් ටී වනසන කසළ තේ තොගයක් තලවකලේ වත්තක

තලවකැලේ පොලිස් වසමට අයත් සෙන් ක්ලෙයාර් වතුයායේ ස්ටිලින් කොටසේ සහකාර වතු අධිකාරිවරයාගේ නිල නිවස අසල වතු යායේ ලොරි රථයක පටවා තිබු කසළ තේ කිලෝ 2400 ක් තලවකැලේ පොලිසියේ නිලධාරින් විසින්ීඉයේ පස්වරුවේ පොලිස් භාරයට ගෙන තිබේ.

සෙන් ක්ලෙයාර් වතුයායේ තේ කර්මාන්ත ශාලාවෙන් දින පස්වරුවේ කසළ තේ කිලෝ 2400 ක් වතුයායේ ලොරි රථයක පටවාගෙන එම ලොරි රථය වතුයායට අයත් ස්ටිලින් කොටසේ සහකාර වතු අධිකාරිවරයාගේ නිල නිවස අසල නතර කර තිබියදි එම වතුයායේ වතු කම්කරුවන් විසින් ලොරි රථය සහ සහකාර වතු අධිකාරිවරයාගේ නිල නිවස (24) දින වටලනු ලැබුහ.

එම වතුයායේ වතු කම්කරුවන් කියා සිටින්නේ තේ කර්මාන්ත ශාලාවෙන් කිසිදු අයෙකුට නිමි තේ කිලෝවක් හෝ කසල තේ රැගෙන යාමට නොහැකි වන ආකාරයට ආරක්ෂාව තර කර තිබියදි සෙන් ක්ලෙයාර් වතුයායේ වතු අධිකාරිවරයා සහ සහකාර වතු අධිකාරිවරයා සමග එක්ව කසල තේ තොගය ඉතා සුක්ෂම ලෙස තේ කර්මාන්ත ශාලාවෙන් රැගෙන අලෙවි කිරිමට සැලසුම් කර තිබු බවයි.

මෙම සිද්ධිය පිළිබඳ ප්‍රකාශයක් ලබාදීම වතු අධිකාරීවරයා ප්‍රතික්ෂේප කළබව අප වාර්තා කරුවෝ පවසති.

රංජිත් රාජපක්ෂ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!