සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකා කණ්ඩායම තුන් වැනි T20 තරගයත් දිනයි
තරගාවලියේ ජයත් ශ්‍රී ලංකාවට.

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවති තරග 3කින් සමන්විත T20 තරගාවලියේ අවසන් T20 තරගය අද (18) කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වු අතර, එම තරගය කඩුලු 9 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 14 පන්දු 01ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගැනීමට හැකිවූයේ ලකුණු 82ක් පමණි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ලබාල ක්‍රිඩක බ්‍රයන් බෙනට් පන්දු 12 තුළ ලකුණු 29 ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග පන්දු වාර 4 ක් තුළ දී ලකුණු 15 ක් පමණක් ලබා දෙමින් කඩුලු 4 ක් දවාගත්තේය. ඇන්ජලෝ මැතිව්ස් සහ මහීෂ් තීක්ෂණ අතරේ කඩුලු 2 ක බැගින් බෙදී ගියේය.

ඒ අනුව ලකුණු 83ක ඉලක්කයක් හබායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී පන්දු වාර 10.5කින් එම ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක නොදැවී පන්දු 23ක් තුළ ලකුණු 39ක් ද කුසල් මෙන්ඩිස් පන්දු 27ක් තුළ ලකුණු 33ක් ද ලබා ගත්තේය. ධනංජය සිල්වා නොදැවී ලකුණු 15. එස්. විලියම් ලකුණු 13 ට කඩුළු 1.

ඒ අනුව තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ තරග 2-1ක් ලෙසින් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරගයේ වීරයා වනිඳු හසරංග. තරගාවලියේ වීරයා ඇන්ජලෝ මැතිව්ස්

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!