සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු T20 තරගයෙන් තියුණු ජයක් ලබාගනී

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු T20 තරගය කඩුලු 3කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගය අද (14) කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කලේය.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 143ක් රැස්කිරීමට සමත් විය. අගනා පිතිකරණයක නිරත වූ සිම්බාබ්වේ නායක සිකන්දර් රාසා පන්දු 42ක් තුළ ලකුණු 62ක් රැස්කර ගත්තේය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග කඩුලු 2 බැගින් දවාගත්තේය.

ඒ අනුව ලකුණු 144ක ඉලක්කයක් හබායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3කින් සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවත වෙත රැගෙන යාමට ඇන්ජලෝ මැතිව්ස් සමත්විය. ඇන්ජලෝ මැතිව්ස් පන්දු 38ක් තුළ ලකුණු 46ක් ලබා ගත් අතර දසුන් ශානක ලකුණු නොදැවී ලකුණු 26ක් ලබා ගත්තේය. සිකන්දර් රාසා ලකුණු 13 කට කඩුළු 3 ක් බිඳ දමනා ලදි.

අවසාන පන්දුව තෙක්ම තරගය ඉතා උණුසුම් වූ අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ඔසවා තැබීමට දුෂ්මන්ත චමීර සමත්විය.

ඒ අනුව තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ T20 තරගාවලියේ 1-0 ලෙසින් ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!