සාරා ජෙස්මින් මියගිය බව DNA පරීක්ෂණයකින් තහවුරු වෙයි

මීගමුව කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ හස්තූන් නැමැති බෝම්බකරුගේ බිරිඳ වන සාරා ජෙස්මින් නොහොත් පුලස්තිනී මහේන්ද්‍රන් මිය ගිය බව පොලිස් මාධ්‍ය කොට්ටාෂය කියා සිටී.

පාස්කු බෝම්යේ සැකකරුවන් සොයා සිදුකළ මෙහෙයුමක් අතර තුර සයින්දමරුදු ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය හතර දෙනා අතර සාරා ජෙස්මින්ද සිටින බව DNA පරීක්‍ෂණයෙන් තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මෙම පිපිරිම 2019 අප්‍රේල් 26 වැනි දින සිදු විය.

සාරා ජෙස්මින් නොහොත් පුලස්තිනී මහේන්ද්‍රන් බෝම්බ පිපිරීමෙන් අනතුරුව ඉන්දියවට පලාගිය බව මින් පෙර සඳහන් වුන අතර ඒ සදහා ඇයට උදව් කළේයයි සැකපිට අබූ බකර් නම් පොලිස් නිළධාරියා දීර්ඝ කාලයක් රැඳවුම් නියෝගමත රඳවාගෙන ප්‍රශ්න කරනා ලදි. මීට දින කිහිපයකට පෙර අධිකරණය ඔහුට ඇප නියම කළේය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *