සමාජවාදය බිඳවැටීලා ඉවරයි – ලෙනින් ලඟ තියාගෙන ටිල්වින් කියයි

ලෝකයේ සමාජවාදී කඳවුර බිඳ වැටී අවසන් බවත්, එබැවින් ජනතා විමුක්ති පෙරමුණටද තම දේශපාලන ව්‍යාපාරයට දවසින් දවස උපක්‍රම වෙනස් කරන්නට සිදුව ඇති බවත් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.

සමාජවාදී රටවල් කිහිපයක් ලෝකයේ තවමත් පැවතියද ඒවා ආධ්‍යාත්මය පැත්තෙන් ලෝකයට බලපෑමක් නොකරන බවත් හෙතෙම පවසයි. එනිසා සෑම විටම පවතින තත්ත්වය විග්‍රහ කර, අළුත් තත්ත්වයට මුහුණ දීමට සිදුවන බවත්, තම දේශපාලනය එය බවත් ඔහු සඳහන් කළේය.

ලෙනින් ගුණ සමරුවක් අමුතුවෙන් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!