සනත් නිශාන්ත වෙනුවට එන මන්ත්‍රීවරයා විපක්ෂයේ අසුන් ගනී.

පුත්තලම දිස්ත්‍රික් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රිය අනතුරින් ජීවිතක්ෂයට පත්වීමත් සමග පුරප්පාඩුවූ මන්ත්‍රී ධූරය සඳහා ජගත් ප්‍රියංකර පත්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි . ඔහු ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෙක් වන අතර, ඉකුත් මැතිවරණයේදී එම පක්ෂය පොදුජන පෙරෙමුණ යටතේ තරග කරනා ලදි. එම දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ මීළඟට සිටින්නේ ඔහුය.

මේ වන විට ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන බැවින් ජගත් ප්‍රියංකරද විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතව තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!