සනත් ජයසූරියට බරපතල චෝදනාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බැවින් ඔහු ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ කර නොගතයුතුබව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන නිළධාරියා තමන්ට පැවසු බව හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පැවසීය . කොළඹ දී පැවැති ‘දූෂණයට තිත’ මාධ්‍ය හමුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

තමා ක්‍රීඩා අමාත්‍ය ධුරය භාරගත් අවස්ථාවේ ක්‍රිකට් තාක්සණ කමිටුවක් පත්කළ බවත්, සනත් ජයසූරුයද එම කමිටුවට පත්කළ බවත් පැවසූ හිටපු අමාත්‍යවරයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ප්‍රධානියා එම අවස්ථාවේ මේ බව තමාට පැවසූවේයයි හිටපු අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

එහෙත් අද සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් යතනයේ ප්‍රධාන උපදේශකයෙකු ලෙස කටයුතු කරද්දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විරෝධයක් නොදැක්වීම පුදුම සහගත බවත් හිටපු අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමා සමග සාකච්චා කිරීම ප්‍රතික්ෂේපකළ අයි.සි.සී ප්‍රධානියා වත්මන් ක්‍රීඩා ඇමතිවරයා සමග සකච්චාකර ඇතිබවත්, ය, බැඳියාවක සලකුණු මේ සිදුවීම්වලින් පෙනෙනා බවත් ඔහු සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!