සත්ව ආහාර සඳහා ගෙන ආ සහල් තොගයක් වෙළඳපොළට

සත්ව ආහාර සඳහා බව පවසමින් වරායෙන් නිදහස් කර ගැනීම‍ය උත්සහ ගන්නා සහල් තොගය වෙළඳපොළට එක්වීමේ අවධානමක් පිළිබඳව අනතුරු අඟවන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි .

නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති රංජිත් විතානගේ පැවසනුයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය අද (19) දිනයේ හදිසි රැස්වීමක් කැඳවා තිබූ බවයි.

සත්ත්ව ආහාර සඳහා අදාළ සහල් තොගය ලබා දෙන බව පවසමින් මෙම සහල් තොගය මුදා ගෙන වෙළදපොළේ ඇති සහල් සමඟ කළවම් කර අලෙවි කරන ජාවාරම්කරුවන් මෙම සිදුවීම පිටුපස සිටින බවට සැකයක් මතුව ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!