ශාන්ත තෝමස් විදුහල පරදා රාජකීය විදුහල නිල් මහ සටන ජයගනී.

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පවත්වන ලද ‘144 වන නිල් මහ සටන’ මහා ක්‍රිකට් තරගය ලකුණු 181කින් ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය අද සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් රාජකීය පිල සිය පළමු ඉනිමට කඩුලු 8ක් දැවි ලකුණු 326ක් රැස්කර ගත්තේය. අනතුරුව පන්දුවට පහර දීමට පැමිණි ශාන්ත තෝමස් පිල සිය පළමු ඉනිමට සියලු දෙනා දැවි රැස්කරගත්තේ ලකුණු 153 ක් පමණි. රාජකීය විද්‍යාලය සිය දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 168ක් රැස් කරන ලද අතර ශාන්ත තෝමස් විද්‍යාලය දෙවැනි ඉනිම සදහා ලකුණු 161කට දැවී ගියේය.

තරගය නැරඹීමට ආදී රාජකීයයෙකු වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහද එක්ව සිටිනා ලදි. ජයග්‍රාහී රාජකීය පිලට ශූරතාව පිරිනැමීමටද ඔහු එක් විය. ජයග්‍රහණය හේතුවෙන් රාජකීය විද්‍යාලයට මාර්තු 20 වන සදුදා දින විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශ කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *