ශ්‍රී.ල.නි.ප ය තම ජනධිපතිවරණ අපෙක්ෂකයා ලෙස මෛත්‍රී නම්කරයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මාධ්‍ය හමුවේ පැවසීය.

එම තීරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව, දේශපාලන මණ්ඩලය, සමස්ත ලංකා කාරක සභාව යන සි‍යළු ආයතන ඒකමතිකව අනුමතකර ඇති බව ඔහු සඳහන් කළේය .

එසේම මහ මැතිවරණයක් පැමිණෙන්නේ නම් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් අපේක්ෂකයින් ඉදිරිපත් කරන බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!