විශ්ව බුද්ධ 29 දක්වා යළි රිමාන්ඩ්…

“විශ්ව බුද්ධ” නමින් පෙනී සිටි චිවරධාරියා ජනවාරි 29 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
සැකකරු අද (24) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවට ඉදිරිපත් කරනලද අවස්ථාවේ මෙම නියෝගය ලබදුන් බව වාර්තාවේ.

බෞද්ධයන්ට හා බුදුදහමට අපහාස වන අයුරින් නිකුත්කරනා ලද ප්‍රකාශ සමාජ මාධ්‍යට මුදා හැරි බවට මොහුට චෝදනා එල්ල වී තිබේ .

මීට පෙරද මෙම පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති අතර ඔහුගේ භික්ෂූත්වය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් අවලංගු කට ඇතිබව වාර්තාවේ.

කෙසේ නමුත් සැකකරු අධිකරණ නියෝගයන් ද නොතකමින් දිගින් දිගටම බෞද්ධයන්ට හා බුදුදහමට අපහාස වන අයුරින් ක්‍රියාකිරීම හේතුවෙන් මෙලෙස යළි අත්අඩංගුවට ගෙන තිබේ.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!