විපක්ෂ නායකවරයා නීතිපති නොතකා හරී

අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස නම් කිරීම ව්‍යවස්ථාදායක සාභාව විසින් ප්‍රතික්ෂේප කිරීමේ නඩුවේදී නීතිපතිවරයා වෙනුවට පෞද්ගලික නීතිඥයෙකු රඳවා ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙකු ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බලාපොරොත්තු වෙන බව වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව පසුගිය සඳුදා රැස් වූ අවස්ථාවේ විපක්ෂනායකවරයා මෙම නඩුවට මැදිහත්වීම සඳහා පෞද්ගලික නීතිඥවරයකු රඳවා ගැනීමර ඇති හැකියාව විමසා ඇත. ඊට හේතුව ලෙස දැක්වෙන්නේ, නිශ්ශංක බන්දුල කරුණාරත්න අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස නම් කිරීමට එටෙහි වීම ආණ්ඩුක්‍රම ස්‍යවස්ථා දායක සභාවේ සාමූහික තීරණයක් නොවනා බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දීමය.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ව්‍යවස්ථාදායක සභාව නැවත ලබන සඳුදා රැස්වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!