රාජිත ස.ජ.බ තින්දුවට පිටින් ගොස් රනිල්ට නැවත සහය පලකරයි

ජනධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදුජන පෙරමුණ විසින් වර්තමානයේ සිදු කරමින් සිටිනුයේ තමන් නියෝජනය කරන කණ්ඩායමේ වැඩපිළිවෙළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න සඳහන් කරයි.

එම වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්නේ සජිත් ප්‍රේමදාස ද රනිල් වික්‍රමසිංහ ද යන්න සුළු කාරණාවක් බව ඔහු වැඩි දුරටත් පැවසීය. එමෙන්ම රාජාසන කථාව පැවති අවස්ථවේදි සභාවේ රැඳී සිටීම රට වෙනුවෙන් ගත් තීරණයක් නොව පාර්ලිමේන්තුවට පැමිණි දින සිටම ක්‍රියාත්මක කරනා දේශපාලන සංස්කෘතිය ඉදිරියට පවත්වාගෙන යාමක් බවද ඔහු පැවසීය .

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ඊයේ ආරම්භ කළ අවස්ථාවේදි සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුව වර්ජනය කළද රාජිත සේනරත්න, කුමාර් වෙල්ගම ඇතුළු පිරිසක් එම තීරණයෙන් ප්‍රතික්ෂේප කරමින් සභා ගැබේ රැදී සිටියේය. කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියේ පක්ෂයේ තීරණයට පටහැනිව කටයුතු කළ සියළු දෙනාට එරෙහිව විනය නීති ක්‍රියාත්මක කරනා බවය. මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!