යුක්තිය මෙහෙයුමේ අයුක්තිය පාඨළී පෙන්වා දෙයි .

දැනට ක්‍රියාත්මල යුක්තිය මෙහෙයුම මගින් කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී මවුපියන් දෙදෙනාම අත් අඩංගුවට ගත් අවස්ථා ඇති බව සමගි ජන බලවේගය (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසීය.

මෙම තත්ත්වය බරපතල අසාධාරණයක් බවත්, දෙමපියන් එකවිට අත් අඩංගුවට ගැනීම නිවෙස් තුළ දරුවන් අනාරක්ෂිතවන බව ඔහු අවධාරණය කළේය . මෙම තත්ත්වය නිසා දරුවන්ට කෑම බීම පසා සපයාගත නොහැකි අසරණ තත්ත්වයට පත්වෙන බවත්, අවම වශයෙන් මව් පියන් වෙනුවෙන් නීතීඥ සහය පවා ලබාගැනීමට නොහැකිවෙන බවත් ඔහු සඳහන් කළේය .

මෙහි අවසාන ප්‍රතිඵලය පිරිමි දරුවන් පාතාලයට බැඳීමටත් දැරියන් ගණිකා වෘත්තියට යොමුවීමත් බව ඔහු පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!