මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කරයි

පොලොන්නරුව දිස්ත්‍රික්කයට හා ඉහළ ජලාධාර ප්‍රදේශවලට ඉකුත් 26 වැනිදා සිට කඩින් කඩ ඇද හැලෙන මහ වැසි හේතුවෙන් මොරගහකන්දේ ජලධාරිතාව උපරිම අගය ට ලංවෙමින් තිබීම නිසා ඊයේ (28) අලුයම වාන්දොර‍ටු විවෘත කිරීමට සිදුව ඇති බවත් ඉන් තත්පරයට ගන අඩි 3000ක් පිටතට මුදාහැරෙන අතර මේ හේතුවෙන් මින්නේරිය කවුඩුල්ල කන්තලේ ජලාශවල ජල මට්ටම ද ඉහළ යා හැකි බවත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

කෙසේ වෙතත් ඊයේ (28) දහවල් වන විට මින්නේරිය ජලාශයේ ද වාන් දොර‍ටුවක් විවෘත කිරීමෙන් තත්පරයට ගන අඩි 1000ක් මින්නේරි ඔයට මුදා හැරෙන බව එහි වාරි මාර් ග ඉන්ජිනේරුවරයා පවසයි.

මහවැලි ග‍ඟෙහි ජල මට්ටම ද ඉහළ යාම හේතුවෙන් ගල්ලෑල්ල කොටලීය ප්‍රදේශයේ පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර් ගයේ ස්ථාන දෙකකින් අඩියක පමණ ජල ගැල්මකට ලක්ව ඇතැයි පොලොන්නරුව ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා පවසයි.

බණ්ඩාර මුදියන්සේ
පොලොන්නරුව

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!