”මුදල් අමාත්‍යංශය විශ්වාස කරන්න එපා”. මහින්දානන්ද ජනපතිට අනතුරු ඇඟවයි.

මුදල් අමාත්‍යාංශය කෙරෙහි විශ්වාසය තැබීමේදී ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ජනාධිපතිවරයා, රාජ්‍ය නිලධාරීන් සහ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටියි .

මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද දත්ත සහ ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුව අමතා කළ ප්‍රකාශයේ අදහස් කරන සංඛ්‍යා අතර රුපියල් බිලියන දහසක සැලකිය යුතු පරස්පරයක් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මුදල් අමාත්‍යාංශය විසින් සපයනු ලබන දත්ත සහ සංඛ්‍යා ලේඛනවල නිරවද්‍යතාවය පිළිබඳව කනස්සල්ල පළ කළ අමාත්‍ය වරයා,

අමාත්‍යාංශ නිලධාරීන් විසින්ම මූල්‍ය අරමුදලට සාවද්‍ය දත්ත ඉදිරිපත් කළ බව පිළිගත් අවස්ථා ඇති බව පැවසීය. පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!