මියගිය තරුණියකගේ දේහය වලෙන් ගොඩගෙන නිරුවත් කිරීම ගැන පොලිස් පරීක්ෂණ ඇරඹේ

මීට දින කිහිපයකට පෙර බණ්ඩාරවෙල බදුලුගස්තැන්න ප්‍රදේශයේ නියුමෝනියාව වැළඳී මියගිය සිටි 25 හැවිරිදි රශ්මිකා නදිශානි නැමති තරුණියගේ භූමදානය කර තිබූ දේහය කිසියම් පිරිසක් විසින් නැවත ගොඩගැනීම සම්බන්ධව බණ්ඩාරවෙල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

දේහයා ගොඩගත් පිරිස එය නිරුවත්කර පසෙක දමා තිබියදී ඇගේ පියා විසින් ඒ බව පොලිසියට දැන්වීමෙන් පසු මේ පරීක්ෂණ ආරම්භ වී ඇත.

බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත්වරයා සහ අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් දේහය පරීක්ෂා කරනු ලැබීමෙන් අනතුරුව ඥාතීන් විසින් එම ස්ථානයේදීම නැවත එය මිහිදන් කරනා ලදි .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!