මිනිසෙකුගේ මොළයට සාර්ථකව චිපයක් බද්ධ කරයි.

එලෝන් මස්ක් (Elon Musk) විසින් ආරම්භ කල ඔහුගේ Neuralink සමාගම මඟින් පළමු වරට සාර්ථක ලෙස මිනිසකුගේ මොළයට ‘චිපයක්’ බද්ද කිරීමක් සිදුකර තිබේ.

මෙම සමාගමේ ඉලක්කය වී ඇත්තේ, සංකීර්ණ ස්නායු රෝග තත්ත්වයන්ට මුහුණ දීම සඳහා මිනිස් මොලය පරිගණක වලට සම්බන්ධ කිරීමයි. මෙම තාක්ෂණික අත්හදා බැලීම සඳහා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය ද අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

Neuralink හි මෙම පළමු නිෂ්පාදනය ටෙලිපති (Telepathy) ලෙස නම් කර ඇති බව Musk විසින් සඳහන් කරයි.

මෙම උපකරණය මගින් නව බලාපොරොත්තුවක් සමඟින් කටයුතු කිරීමට හැකි බව Musk වැඩිදුරටත් සඳහන් කරයි.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!