මාර්තු මාසයේ සිට සියළු ප්‍රාථමික සිසුනට දිවා ආහාර

මෙම වසරේ මාර්තු මාසයේ සිට ප්‍රාථමික ශ්‍රේණිවල සියලුම දරුවන්ට දිවා ආහාරය ලබාදීමට කටයුතු කරනා බවත් ඒ සඳහා රුපියල් මිලියන 16ක් වෙන් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය . ඒ අනුව එක සිසුවෙක් වෙනුවෙන් දිනකට වෙන් කරන මුදල රු. 110 කි.

2024 වසර සඳහා අවශ්‍ය සියලුම පාසල් පෙළපොත් මුද්‍රණය කර අවසන් බවත්, තෙවැනි වාරය අවසන් වූ වහාම පාසල් සිසුන්ට එම පෙළපොත් සහ නිල ඇඳුම් ලබාදීමට කටයුතු යොදා ඇති බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!