උතුරු මාර්ගයේ මහව-අනුරාධපුර අතර දුම්රිය ධාවනය නවති .

උතුරු දුම්රිය මාර්ගයෙහි මහව-අනුරාධපුර අතර මාර්ග කොටසය අද (07) සිට මාස හයක කාලයකට වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මහව-අනුරාධපුරය අතර දුම්රිය මාර්ගයෙහි සංවර්ධන කටයුතු හේතුවෙන් මෙම දුම්රිය මාර්ගය වසා තබන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉඳිපොළගේ සඳහන් කළේය. ඒ අනුව අද සිට උතුරු මාර්ගයේ දුම්රිය කොළඹ සිට මහව දක්වාත්, අනුරාධපුරයේ සිට කන්කසන්තරය දක්වාත් ධාවනය වන බව ඔහු වැඩි දුරටත් පැවසීය

මීට අමතරව මඩකලපුව දුම්රිය මාර්ගයද මෙම වසර තුළ අලුත් වැඩියා කිරීමට සැලසුම් කොට ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. මඩකලපුව ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වූ අමාත්‍යවරයා මඩකලපුවේ සිට යාපනය දක්වා දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද ප්‍රකාශ කර සිටියේය.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!