මහමග දමායන දරුවන් වෙනුවෙන් ගීතාගෙන් සුරැකුම් නිවසක්

විවිධාකාරයේ ගැටළු නිසා දෙමව්පියනට රැකබලාගත නොහැකි අලුත උපන් දරුවන් රැකබලාගැනීම සඳහාම වෙනූ සුවිශෙෂී ආරක්‍ෂිත මධ්‍යස්ථානයක් සකස් කිරීම සඳහා කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසූවාය .

අදාළ මධ්‍යස්ථානය හරහා අලුත උපන් දරුවන් රැකබලාගැනීම සහ ඔවුනගේ ආරක්ෂාව සැළසීම සඳහා අවශ්‍ය කටයුතු සකස්කරන බවද අමාත්‍යවරිය වැඩිදුරටත් පවසන්නීය. එම මධ්‍යස්ථානය කඩිනමින් ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවද ඇය පැවසූවාය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *