මගීන් 379 රැගත් ජපාන ගුවන් යානයක් ගිනිගෙන විනාශ වෙයි. (Vedio)

ටෝකියෝ හි හනේඩා ගුවන් තොටුපළේ ධාවන පථය මත අද සිදුවූ අනතුරකින් ජපාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ගිනිගැනීමට ලක්ව මුළුමනින්ම විනාශව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

NHK හි වීඩියෝ දර්ශනයන්ට අනුව ගුවන් යානයේ ජනේල වලින් ගිනිදැල් පිටවන ආකාරයත්, යානය මුළුමනින්ම ගිනිගෙන විනාශව යන ආකාරයත් දැකගත හැක.

හොකයිඩෝ සිට ගුවන් ගත වූ යානය හනේඩා ගුවන් තොටුපළට ගොඩබෑමෙන් පසු වෙනත් ගුවන් යානයක ගැටෙන්නට ඇතැයි බලධාරීන් උපුටා දක්වමින් ඇතැම් මාධ්‍ය වාර්තා කළද මෙවන තුරු එය ගුවන්තොටුපොළ බළධාරීන් තහවුරු කර නැත.

යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය 379 දෙනාම යානයෙන් ඉවත් කර ඇති බව ජපාන ගුවන් සේවය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුනි . කෙසේ වෙතත් සිදුවූ තුවාල හේතුවෙන් පස් දෙනෙක් මියගිය බව අලුත්ම වාර්තා පවසයි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!