බෙලිඅත්තේ වෙඩි තැබීමකින් දේශපාලන පක්ෂයක නායකයෙක් ඇතුළු පස්දෙනෙක් මරුට.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත හුවමාරුව ආසන්නයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මියගිය පිරිස අතර ‘අපේ ජනබල’ පක්ෂයේ නායක සමන් පෙරේරා ද වන බව වාර්තා වෙයි.

සිද්ධිය වූ ස්ථානයේදීම පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් අයෙකු රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අද පෙරවරු 7.45 ට පමණ ප්‍රාඩෝ වර්ගයේ වාහනයකින් පැමිණි පිරිසක් ඩිෆෙන්ඩර් ජීප් රථයකින් පැමිණි තවත් පිරිසකට වෙඩි තැබු බව වාර්තා වේ

වෙඩිතැබීමෙන් මියගිය ‘අපේ ජනබල’ පක්ෂයේ නායක සමන් පෙරේරාද අපරාධ චෝදනා සහිත අයෙක් බව වාර්තා වේ. 2022 වසරේ කුඩාවැල්ල ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකුට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන නිදහස් කර ඇත.

පාතාල අපරාධකරුවෙකු වන කොස්ගොඩ සුජීගේ කල්ලිය විසින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

ඊට අමතරව බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ ඔහුගේ පුත්‍රයා ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල විය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!