පූණම් පාණ්ඩේ මරණයෙන් දින හතරකට පසු බෝට්ටු සවාරියක…

ගැබ්ගෙල පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රකට ඉන්දීය නිළි පූණම් පාණ්ඩේ මියගිය බවට ඇගේ කළමණාකරු තැබූ Instagram සටහන ව්‍යාජ එකක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

පූණම් පාණ්ඩේගේ නිල Instagram ගිණුම තුළින් ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ 32 හැවිරිදි පූණම් “නිර්භීතව රෝගයට එරෙහිව සටන් කර” මිය ගිය බවයි.

ඇගේ මරණය පිළිබඳව නිළ නිවේදනය ඇගේ කළමණාකරු විසින් නිවේදනය කර දින හතරකට පසු ඇය බෝට්ටුවක නැගී සිටිනා වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වීමත් සමග නැවතත් ඇගේ මරණය ව්‍යාජ එකක් බවට පුවත් පැතිරෙන්නට විය.

තමන්ගේ මරණය පිළිබඳව පුවත ව්‍යාජ එකක් බවත්, තමන්ගේම ඉල්ලීමට තම කළමනාකරු තමා මියගිය බවට පුවතක් ප්‍රසිද්ධියට පත්කළ බවත් පූණම් පාණ්ඩේ ඊයේ මාධ්‍ය හමුවේ පැවසුවාය.

ඇය සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, “ගැබ්ගෙල පිළිකා පිළිබඳ සංවාදය වැඩි කිරීම සඳහා තමා මියගිය බවට ව්‍යාජ පුවතක් සකස් කර ප්‍රචාරය කළ බවයි .

කෙසේ නමුත් මත භේදාත්මක ප්‍රකාශ පළ කරමින් සමාජ මාධ්‍යයේ ප්‍රචලිත වූ අයෙකු ලෙස සැලකෙන පූර්ණම්ගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙකුගේ අප්‍රසාදය පළවිය.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!