පී. හැරිසන් සජිත් අත හැර රනිල් ලඟට පනී.

තමා දැනට දරමින් සිටිනා සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස් වී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ උප සභාපති පී හැරිසන් පවසයි. ඊයේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය .

ඔහු කියා සිටියේ සමගි ජනබලවේගය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දේශපාලනඥයෙක් ලෙස තමාට සෑහීමකට පත් විය නොහැකි බැවින් අද සිට තමන් පක්ෂයේ දරන තනතුරුවලින් ඉල්ලා අස්වන බව ඔහු පැවසීය .

එමෙන්ම ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපති මැතිවරණයක දී කොන්දේසි විරහිතව තම සහය වත්මන් ජනපති වරයාට පලකර සිටිනා බවද ඔහු පවසීය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *