පීඩාවට පත්ව සිටිනා ජනතාව තවත් පීඩාවට පත්කරනා වර්ජන නතර කරන්න – ලාල් කාන්ත ඉල්ලයි.

ජනතාව තව තවත් පීඩාවට පත් කිරීමේ වැඩ වර්ජන මේ මොහොතේ සුදුසු නැති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී ලාල් කාන්ත පවසයි. එමෙන්ම එවැනි වර්ජන ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත්ම අනුමත නොකරන බව ඔහු අවධාරණය කළේය.

සියලු කම්කරුවන්ගේ ඉල්ලීම් සාධාරණව පක්ෂය විසින් පිළිගන්නා නමුත් වැඩවර්ජනය කළ යුත්තේ ජනතාවගේ පැත්තේ හිඳිමින් ජනතාවගේද එකඟතාවයෙන් යුතුව බවත් හෙතෙම පෙන්වා දෙයි.

දැඩි පීඩනයකට මේ මොහොතේත් පත්ව සිටින ජනතාව තවත් පීඩාවට පත් නොකළ යුතු බවත් වැඩ වර්ජන සිදු කළ යුත්තේ පාලකයන්ට එරෙහිව මිස අහිංසක ජනතාව පීඩාවට පත් කරමින් නොවන බවත් ඔහු සඳහන් කළේය .

වෛද්‍යවරුන්ට වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති නමුත් සෞඛ්‍ය පද්ධතියේම අනෙක් සේවකයන්ටද වැටුප් වැඩි වැඩිය යුතු බව තම විශ්වාසය බව ඔහු වැඩි දුරටත් පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!