පාසැල් ප්‍රවාහන සේවා ගාස්තු ඉහළ දමයි

සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ අභ්‍යන්තර කමිටුව අද සිට පාසල් ළමුන්ගේ ප්‍රවාහන ගාස්තු ඉහළ නැංවීමට සාමූහික තීරණයක් ගැනීමට තීරණය කළ බව එහි සභාපති ඊ.එච්. රුවන් ප්‍රසාද් පැවසීය.

කෙටි දුර පාසල් සේවා සඳහා දැනට පවතින ප්‍රවාහන ගාස්තුවෙන් 10%ක් සහ දුරගමන් පාසල් සේවා සඳහා 15%කින් වැඩි කරන බව ඔහු මාධ්‍ය වෙත පැවසීය.

”ඉන්ධන මිල නිතර වෙනස් වීම නිසා මේ සෙවය පවත්වාගෙන යාම අසීරු වෙමින් තියනවා. නිසා ඉන්ධන සඳහා ස්ථාවර මිලක් පවත්වා ගැනීමට නොහැකි නම් ඇමතිවරයා ඉල්ලා අස්විය යුතුයි. මේ ප්‍රතිඵල වැට් බද්දේ අහිතකර ප්‍රතිඵලයි. වැට් බද්ද පැනවීමත් සමඟ සියලුම අමතර කොටස්, ලිහිසි තෙල්, සේවා ගාස්තු ඉහළ දමා තිබෙනවා,” ඔහු වැඩි දුරටත් පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!