පලස්තීනුවන් බඩගින්නෙ මරන්නට ඊශ්‍රායෙල් සැලස්මක්

හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ලකක මාරාන්තික ප්‍රහාරට එකට එක කරනු පිණිස ඊශ්‍රායලය සමස්ථ ගාසා තීරය වටකිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරාමින් සිටී. ඒ පිළිබඳ අදහස් දක්වමින් ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍ය Yoav Gallant මාධ්‍යට පැවසූවේ තමන් සමස්ත ගාසා තීරයම වටලන බවයි .

“අපි ලක්ෂ තුනක හමුදාවක් යොදා ගාසා තීරය සම්පූර්ණයෙන් වටලනවා. … විදුලිය නැත, ආහාර නැත, ජලය නැත, ගෑස් නැත – සියල්ල වසා ඇත.” ආරක්ෂක ඇමතිවරයා පැවසීය . කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනුයේ ඊශ්‍රායලයේ ක්‍රියාකළාපය සාමූහික දඬුවමක් බවත්, එවැනි ක්‍රියා තම සංවිධනය හෙළා දකිනා බවත් ය.

මිලියන 2.3 ක ජනතාවක් වෙසෙන එන්ක්ලේව්හි නේවාසික ගොඩනැගිලි සහ කාර්යාල ඉලක්ක කරගත් ඊශ්‍රායල ප්‍රහාරවලින් මේවන විටත් පලස්තීනුවන් 500 කට වැඩි පිරිසක් මිය ගොස් 3,000 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත. හමාස් සටන්කාමීන් ගෙ ප්‍රහාර වලින් 700 කට ආසන්න ඊශ්‍රායෙල් වැසියන් නියගොස් ඇතිබව වාර්තා වේ.

ඊශ්‍රායල ප්‍රහාර උත්සන්න වීමත් සමඟ ගාසා තීරයේ පලස්තීනුවන් 100,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇති අතර දහස් ගණනක් එක්සත් ජාතීන්ගේ පාසල්වල නවාතැන් ගෙන ඇති අතර, පලස්තීනුවන්ට තම නිවෙස්වලින් පලා යාමට බල කෙරුනි.

.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *