දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට පැමිනෙයි

ආන්දෝලනාත්මක ඉරිදා දේශනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මීට ටික වේලාවකට පෙර කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාවර පැමිණි බව අප ගුවන් තොටුපොළ වාර්තා කරු පවසයි.

බුද්ධාගම, ඉස්ලාම් සහ හින්දු ආගම්වලට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට ලක්ව සිටි දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මේ වසරේ මැයි 15 වැනිදා රට හැර ගියේය. ඒවනවිටත් අයි.සි.ආර් පනත යටතේ ඔහු අත් අඩංගුවට ගන්න මෙන් පාර්ශව කිහිපයක් අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුවට පැමිණිළි කර තිබුනි.

දේවගැතිවරයා විසින් ගොනු කරන ලද රිට් පෙත්සමකට ප්‍රතිචාර දක්වමින් අභියාචනාධිකරණය ඔහු ගුවන් තොටුපළේදී හෝ වෙනත් ස්ථානයකදී අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිසියට නියෝග කළේය.

මීට අමතරව, දිවයිනට පැමිණ පැය 48ක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙසද අධිකරණය දේවගැතිවරයාට දන්වා සිටියේය.

අද අලුයම දෝහා සිට කටාර් එයාර්වේස් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළට පැමිණි දේවගැතිවරයා සමඟ තවත් මගීන් දෙදෙනෙකු ද පැමිණ ඇති බව වාර්තා වේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!