දිනකට සංචාරකයින් 10,000 ක් ශ්‍රී ලංකාවට

ඉකුත් (24) දිනයේදී මෙරටට සංචාරකයින් 10,014ක් පැමිණි බවත් එය මෙරට සංචාරක කර්මාන්තය නැවත සක්‍රීය වීමෙන් පසුව දිනකදී පැමිණි වැඩිම විදේශ සංචාරකයින් සංඛ්‍යාව බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

තවද මෙම මාසය තුළ (25 වනදා දක්වා) විදේශ සංචාරකයින් 191,018ක් පැමිණ ඇති බවත් මෙම වසර තුළ මෙරටට පැමිණි සමස්ත විදේශ සංචාරකයින් ගණන 399,271ක් බවත් එම අධිකාරිය තවදුරටත් පැවසීය.

මෙම මස තුළ රුසියානු සංචාරකයින් 27,909ක් මෙන්ම ඉන්දීය සංචාරකයින් 26,161ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!