දයාසිරිට එරෙහිව පොලිස් පරීක්ෂණ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට එරෙහිව ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේන බව වාර්තා වේ.

ඒ පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ය.

BMICHහිදී පැවති උත්සවයක් අතරතුර මන්ත්‍රීවරයා තමන්ට පහරදුන් බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ඒකකයේ සේවයේ නිරත අයෙකු විසින් කුරුඳුවත්ත පොලීසිය වෙත සිදුකළ පැමිණිල්ල අනුව පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව පොලීසිය වැඩිදුරටත් පැවසුවේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *