තහනම් ගහේ ගෙඩි කෑ ජපාන රූ රැජිණට කිරුළ අහිමි වෙයි.

කැරොලිනා ෂිනෝ ජපාන රූ රැජිණ තරගය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර විවාහක පුද්ගලයෙකු සමඟ ඇගේ අනියම් සබඳතාවයක් හෙළිදරව් වීම හේතුවෙන් ඇය කිරුළ නැවත භාර දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කැරොලිනා ෂිනෝ යුක්‍රේනයේ උපත ලැබ වයස අවුරුදු පහේදී තම මව සමඟ ජපානයට සංක්‍රමණය වී ඇත. එහිදී ඇය, ඇගේ සුළු පියාගේ ජපන් වාසගම ලබා ගෙන ඇත. ඇයට චතුර ලෙස ජපන් භාෂාව හැසිරවීමට සහ ලිවීමට ද හැකියාව පවතින අතර 2022 දී ඇය පුරවැසිභාවය ද ලබා ගත්තාය.

26 හැවිරිදි කැරොලිනා ෂිනෝ මීට සති දෙකකට පෙර ජපානයේ රූ රැජින ලෙස කිරුළු පැළඳුව ද ඇයගේ මෙම ජයග්‍රහණය ඇයගේ යුක්‍ර්‍ර්‍ර්‍රේන සම්භවය හේතුවෙන් ජපාන රූ රැජින වීමට ඇයට හැකිදැයි යන කරුණ මහජන විවාදයට තුඩු දුන්නේය. ඇගේ කිරුළ සමහරු පිළිගනු ලැබූ අතර ඇතැමුන් චෝදනා කරන්නේ, ඇය සාම්ප්‍රදායික ජපන් රූපලාවන්‍ය පරමාදර්ශ නියෝජනය නොකරන බවයි.

ඇගේ අනියම් සම්බන්ධතාවය පිළිබඳව ජපානයේ ටැබ්ලොයිඩ් පුවත්පත් දිගි දිගටම වාර්තා කරන්නර වූ අතර Shukan Bunshun නම් ටැබ්ලොයිඩ් පුවත්පත වාර්තා කර තිබුණේ, ෂිනෝ විවාහක වෛද්‍යවරයෙක් සමග සම්බන්ධතාවයක් පවත්වන බවයි.

කෙසේ නමුත් මූලික ප්‍රතිචාරයේ දී, තරඟ සංවිධායකයින් ෂිනෝ ආරක්ෂා කරන්නට වූයේ, එම පුද්ගලයා විවාහක බව ඇය නොදැන සිටි බව පවසමිනි. ඉන් අනතුරුව සංවිධායකයින් පැවසුවේ, ඇය එම පුද්ගලයාගේ විවාහය සහ පවුල පිළිබඳව දැන සිටි බවට පාපොච්චාරණය කළ බවයි.

ජපාන රූ රැජින සංගමය පවසා සිටින්නේ, මෙම නොමඟ යැවීම සම්බන්ධයෙන් ඇය සමාව අයැ ද සිටි බවත් සංවිධායකයින් ඇයගේ තනතුරෙන් ඉල්ලා අස්වීම පිළිගෙන ඇති බවත්‍ ය.

ෂිනෝ විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් ඇගේ රසිකයන්ගෙන් මෙන්ම සාමාන්‍ය ජනතාවගෙන් සමාව ගෙන ඇත. සමාව ඉල්ලමින් ඇය මෙසේ පවසන්නීය . “I am truly sorry for the huge trouble I have caused and for betraying those who supported me,” යනුවෙනි.

කෙසේවෙතත්, අනුශූරයන් කිහිප දෙනෙකු සිටිය ද, ජපන් රූ රැජින කිරුළ මේ වසරේ ඉතිරි කාලය සඳහා හිස්ව පවතිනු ඇත.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!