තවත් සමාගමක් ඉන්ධන අලවියට එක් වෙයි.

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳපොළට එක්වීමට නියමිත මීළඟ සමාගම වන RM Parks සමාගම මේ වන විට අදාළ බලපත්‍ර ගාස්තු සහ තැන්පතු ගාස්තු ගෙවා ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. කෙසේ වෙතත් එම සමාගමේ පළමු ඉන්ධන නැව මෙරටට ළඟා වීමට තවත් දෙමසක් පමණ ගතවන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“දැනට RM Parks සමාගම මේ වෙද්දී ඩොලර් මිලියන 3ක්, ඒ කියන්නේ ලයිසන් එක ඩොලර් මිලියන 2යි, ඒ වගේම ඩිපොසිට් එක ඩොලර් මිලියනයයි, මේ ඩොලර් මිලියන 3ම ගෙවලා තියෙනවා. ඒත් ඉන්ධන තොග ගෙන ඒමට දින ලබදෙන්නේ අපේ කමිටුවකින්. එ අනුව එම සමාගමට ඉන්ධන රැගෙන ඒමට අපට එක් වරම දින දෙන්න බෑ. එ සඳහා තව මාස දෙක්ක වත් යයි.” ඔහු පැවසීය.

කෙසේවෙතත්, තරඟකාරී මිලගණන්වලට ඉන්ධන අලෙවි කිරීම සඳහා මෙරටට ලංකා ඉන්දියානු ඔයිල් සමාගම මෙන්ම චීනයට අයත් සයිනොපෙක් සමාගම පැමිණියද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිල ගණන් ඉහළ දමන සෑම අවස්ථාවකම අදාළ සමාගම්ද මිල ගණන් ඉහළ දමමින් එකම මිලකට ඉන්ධන අලෙවි කරන ආකාරයක් දක්නට ලැබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!