ඩලස් රොෂාන්ගේ ඇඟේ එල්ලෙයි.

එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පිහිටවීමට යොජිත සන්ධානය හා එක් වීමට නිදහස් ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම තීරණය කර ඇති බව වාර්තා වේ.

නිදහස් ජනතා සභාවේ සාමාජිකයන් වන මහාචාර්ය ජී.ඇල්. පීරිස් සහ ඩිලාන් පෙරේරා සමගි ජනබලවේගයට එක් වීමත් සමග එම පක්ෂය දුර්වල වී සිටිනා අතර සුසු සාමාජිකයන්ද ඩලස් මගහරිමින් සිටිනා බව වාර්තා වේ.

කෙසේ වෙතත් වීරසුමන දිසානායක සහ ලලිත් එල්ලාවල යන මන්ත්‍රිවරු දෙදෙනාද ඩලස් සමග රොෂාන් රණසිංහගේ සන්ධානයට එක් වීමට බියමිත බව වාර්තා වේ. එම සන්ධානයට කොමියුනිස්ට් පක්ෂය ද එක්ව ඇතිබව වාර්තා වේ . හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග, පරිසරවේදී තිලක් කන්දේගම ඇතුළු පිරිසක්ද ඊට එක්වීමට නියමිත බව වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!