ටෙලිකොම් කොටස් මිලදී ගන්නට අලිරාජා සහ අම්බානි ඉදිරිපත් වෙති

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාදාමය යටතේ එහි කොටස් ආයෝජනය සඳහා සුදුසුකම් ප්‍රකාශ කළ සමාගම් තුනක් සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ඒකකය විසින් ඉදිරියේදී ඇගයීම් සිදු කරනු ඇත.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ යටතේ ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් සඳහා ආයෝජනය කිරීමට පෞද්ගලික අංශයේ ආයෝජකයන් හට අවස්ථාව හිමිව ඇත . ඒ අනුව ඒ සඳහා උනන්දුවක් දක්වන සමාගම් සඳහා සිය සුදුසුකම් ඉදිරිපත් කිරීමට ලබාදි තිබූ කාලය 12දා අවසන් විය.

ඉන්දියාවේ ජියෝ ප්ලැට්ෆෝම්ස් සමාගම, ෆෝචූන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් සමාගම් සහ පෙටිගෝ කොමසියො ඉන්ටර්නැෂනල් නමැති ආයතන මේ සඳහා සිය සුදුසුකම් ප්‍රකාශ කිරීමේ ඉල්ලුම් පත් යොමු කර ඇත .

මෙයින් ඉන්දියානු ජියෝ ප්ලැට්ෆෝම්ස් සමාගම ඉන්දියාවේ ප්‍රබලතම ව්‍යවසායක පවුලක් වන මුකේෂ් අම්බානි පවුලට අයත් රිලයන්ස් සමාගමේ හිමිකාරීත්වය යටතේ පවතින එකකි.

පෙටිගෝ කොමාෂියෝ ආයතනයේ හිමිකාරීත්වය දරන්නේ දැනට ස්වර්ණවාහිනිය ඇතුළු ඊටීවී මාධ්‍ය ජාලයේ හිමිකාරීත්වය දරන අල්ලිරාජා සුබාෂ්කරන්ට හිමි ලයිකා මොබයිල් ව්‍යාපාරයයි. මෙම සමාගම්වලට අමතරව ෆෝචූන් ග්ලෝබල් නමැති සමාගමක්ද සිය සුදුසුකම් ඉදිරිපත් කර ඇත

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!