ජාතික පාසැල් අහෝසියි. සියළුම පාසැල් පළාත් සභා යටතට

සියළු ජාතික පාසැල් අහෝසි කිරීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව යෝජනා වී ඇති බව අධ්‍යාපනය පිළිබඳ ව ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධක්‍රිෂ්ණන් සඳහන් කරයි. එ අනුව මෙරට සියලුම පාසල් පළාත් සභා යටතේ පමණක් පවත්වාගෙන යාමට යෝජනා කර ඇති බව ඔහු වැඩි දුරටත් පැවසීය.

ඒ අනුව ඉදිරියට ජාතික හා පළාත් යනුවෙන් පාසල් දෙවර්ගයක් පවත්වාගෙන නොයාමටත් අධ්‍යාපන අමාත්‍යංශයේ සිදුකළ පාසැල් අධීක්ෂණ හා පරිපාලන කටයුතු පළාත් සභාවට පැවැරීමටත් යෝජනා ඉදිරිපත් වී ඇතැයි ද සභාපතිවරයා පැවසීය.

පළාත් සභාවෙන් පළාත් සභාවට වෙනස් නොවන පරිපාලන ක්‍රමවේදයක් යටතේ සියලු පාසල් පවත්වාගෙන යා යුතු බවටද යෝජනා වී තිබේ.

උසස් පෙළ විභාගය 12 ශ්‍රේණියටද, සාමාන්‍ය විභාගය 10 ශ්‍රේණියටද ගෙන ඒමටද ප්‍රධාන පාසලක් වටා පිහිටි පාසල් අටක් පෝෂණය කරමින් පවත්වාගෙන යාමටද නියමිතය.

නව ප්‍රතිසංස්කරණ අනුව ප්‍රාථමික, හය-නවය, සහ උසස් පෙළ වශයෙන් කාණ්ඩ තුනක් යටතේ පාසල් පවත්වාගෙන යාමට යෝජනා කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!